පාසල්,සරසවි හා උපකාරක පන්ති වැසේ..

පාසල්, සරසවි හා උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වැසේ: වෙසක් සහ රාමසාන් නිවසට වී සමරන්න - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Staff writer 01-05-2021 | 5:50 PM

COLOMBO (News 1st) – පාසල්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ, අද පස්වරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ හෝටල්වල රැස්වීම් හා සම්භාෂණවලටත් අවසර නොමැති බවය. මේ අතර එළැඹෙන වෙසක් උත්සවය සහ රාමසාන් උත්සවය ද නිවසට වී සමරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.