තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් Lockdown

by Staff writer 01-05-2021 | 8:59 AM

COLOMBO (News 1st) - තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා(Lockdown) කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ - ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම්, දෙහිඅත්තකණ්ඩිය - දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්, කලවාන - හපුගොඩ ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර ඇති බවය. කොරොනා රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.