
ඉන්දියාවේ සිට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1500ක් STF භාරයට
ඉන්දියාවේ සිට රැගෙන ආ බීඩි කොළ කිලෝ 1500ක් STF භාරයට
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – පොලිස් විශේෂ කාර්ය බලකායේ(STF) විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මීගමුව වෙරළාසන්න ප්‍රදේශයකදී ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,500ක් සමග සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම බීඩි තොගය රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා බවය.
එම බීඩි තොගය ඉන්දියාවේ, තූත්තුකුඩියේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත රැගෙන ගොස් ලංකාවේ බෝට්ටුවක් මගින් මීගමුව වෙරළ තීරයට රැගෙන විත් තිබේ.
එම බීඩි කොළ තොගය රැගෙන යාමට පැමිණි වාහන 03ක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
මෙම නඩු භාණ්ඩ තොගය හා සැකකරුවන් මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
- තුර්කි භූ කම්පනයෙන් මියගිය පිරිස 8000 ක් දක්වා ඉහළට
- තුර්කියට අවශ්‍ය සහය ලබාදීමට ශ්‍රී ලාංකික ජනතාව සූදානම්… ජනපති රනිල් තුර්කි ජනපති අමතමින් කියයි
- 13 ට එරෙහිව මහ සඟ රුවන කොළඹදී විරෝධතාවක
- අද විරෝධතා දිනයක්… ප්‍රධාන විරෝධතා රැළිය හයිට් පිටියේ….
- හිඟව පැවති පිළිකා ඖෂධ 43 ක් රටට ගෙන්වයි..
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- සිරස ලක්ෂපති 10වැනි අදියර 11 වැනිදා සිට..
- වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන මුදල් අමාත්‍යාංශයට කැඳවයි
- පාර්ලිමේන්තුවේ නව සැසිවාරය හෙට ජනපති ප්‍රධානත්වයෙන්