by Staff writer 30-04-2021 | 10:25 PM
COLOMBO (News 1st) : මෑතකදී දැඩි කතාබහට ලක් වූ අනුමත ප්‍රමාණයට වැඩියෙන් අෆ්ලටොක්සින් නමැති රසායනිකය අඩංගු ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ සහ ප්‍රමිති ආයතනයේ අනුමැතිය ප්‍රතික්ෂේප වූ පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් මෙරටට ඒවා තිබූ මැලේසියාවේ පිහිටි සමාගම වෙත ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරාය වෙත රැගෙන විත් තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එම පිරිපහදු නොකළ පොල්තෙල් තොගය ශ්‍රී ලංකා රේගුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ආනයනකරුගේ තෙල් ටැංකිවලින් අඩි 20 බහාලුම් 12කට පටවා කොළඹ වරායේ පිහිටි CICT පර්යන්තය වෙත ආරක්ෂිතව ගෙන එනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
එම බහාලුම් 12 ලබන මැයි 04 වැනිදා දින මෙරටට පැමිණීමට නියමිත ඒවර් එතික් නෞකාවෙන් යැවීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.