තවත් ප්‍රදේශ කිහිපයක් අදත් Lockdown

තවත් ප්‍රදේශ කිහිපයක් අදත් Lockdown

by Staff writer 30-04-2021 | 7:11 PM

COLOMBO (News 1st) –  තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා(Lockdown) කර ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව , ? කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ , ?බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ - 841C බොල්ලුන්න - 841A ඉගුරුදුව - 837 මිදලන - 836 A මෝරපිටිය - 836 පැළෑද - 838 හැඩිගල්ලල - 836 H මෝරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසම් ?තිනියාවල පොලිස් බල ප්‍රදේශයේ - 842 A තිනියාවල ග්‍රාම නිලධාරී වසම ? වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ? මීගහතැන්න පොලිස්බල ප්‍රදේශයේ - 787 B වලල්ලාවිට දකුණ - 788 මාකලන්දාව - 844 A බෝතලාව - 844 E කටුයකැලේ වැල්මීගොඩ - 843 G පහළ හවෙස්ස - 850 A මිරිස්වත්ත - 850 පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් ? ඇලහැර පොලිස් බල ප්‍රදේශයේ සරුබිම ග්‍රාම නිලධාරී කොට්ඨාසය යි. මේ අතර, අද (30) උදෑසන 6.00 සිට මාතලේ, දඹුල්ල, ගලේවෙල, නාවුල පොලිස් වසම් හා කුරුණෑගල, පන්නල පොලිස් වසම් ද , කුරුණෑගල, උඩුබැද්දාව, ගල්අමුණ ග්‍රාම නිලධාරී වසම් සහ මොනරාගල – සියඹලාණ්ඩුව, හෙලමුල්ල ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා(Lockdown) කෙරිණි.