ඉන්දියාවෙන් එන්නත් තොග ලැබෙයිද?

ඉන්දියාවෙන් එන්නත් තොග ලැබෙයිද?

by Staff writer 30-04-2021 | 9:16 PM

COLOMBO (News 1st) :  ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය ඇතුළු ඉන්දීය අසල්වැසි රටවලට ජූලි මාසය දක්වා එන්නත් ලබා දීමට බොහෝ දුරට අපහසු වනු ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් හාර්ෂ් ෂිරින්ග්ලා උපුටා දක්වමින් ද හින්දු පුවත් පත අද වාර්තා කළේ ය.

ශ්‍රී ලංකාව මේ වනවිට ඉන්දියාවෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.5ක් ඇනවුම් කර ඇතත් මේ දක්වා ඉන් ලැබී ඇත්තේ මාත්‍රා ලක්ෂ 5 ක පමණි. මාධ්‍යවේදී ප්‍රශ්නය -
ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී වෛද්‍ය සුදත් ප්‍රකාශ කරනවා. මේ මාත්‍රාව ඉන්දියාවෙන් අපිට ලැබෙන්නෙ නැහැ කියන එක ගැන . අපේ චන්න ජයසුමන මහත්තයා කියනවා අපිට ලැබෙනවා කියලා?
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා
රාජ්‍ය ඇමැතිවරයා කියනවා නම් දෙනවා කියලා රාජ්‍ය ඇමතිවරයා එය දෙන වගකීම ගන්න ඕනේ. එතකොට දෙවැනි කණ්ඩායම්වලට දෙන එක තමයි ඔබ කියනවා වගේ ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ.ගැටලුවක් තියෙනවා දෙවැනි මාත්‍රාව. අනිවාර්යයෙන්ම දෙන්න ඕන.ඒක ඉන්දියාවෙන් දෙනවා ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා තමයි දෙන්න ඕනේ.ඉන්දියාවෙන් අපිට ලැබෙන්නේ ඒ රාජ තාන්ත්‍රික මැදිහත් වීමක් මත. එතකොට අපි බලාපොරොත්තු වෙනවා රජයක් විදිහට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් මේ වෙලාවෙත් කළ යුතුයි කියලා.ඉන්දියාවේ තියෙන තත්ත්වයත් එක්ක වෙන රටවල් හදනවනෙ ඉන්දියාවෙන්ම ගේන්න ඕනි කියලා මේකේ නීතියක් නැහැ නේ. යුද්දේ කරන වෙලාවෙත් එක රටකින් මිසයිල දෙන්නේ නැති වුණාම තව රටකින් මිසයිල ගෙනල්ලා ගැහුවේ