by Staff writer 30-04-2021 | 9:22 PM
COLOMBO (News 1st) : හෙට(01) සිට අවලංගු කිරීමට සැලසුම් කර තිබූ දුම්රිය ගමන් වාර 08ක් සාමාන්‍ය කාලසටහන් යටතේ අඛණ්ඩව ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තු පියවර ගෙන තිබේ.
ඒ, දුම්රිය මගීන්ගේ දැඩි ඉල්ලීම් හේතුවෙන් ය.
ඒ අනුව කොළඹ, කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ගමන් වාර 02ක්,
කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා දිනපතා දුම්රිය ගමන් වාර 02ක්,
කොළඹ, කොටුව - බදුල්ල,
බදුල්ල - කොළඹ, කොටුව
කොළඹ, කොටුව - මහනුවර,
මහනුවර - කොළඹ, කොටුව
මීට අමතරව සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී පමණක් ධාවනය කෙරෙන
කොළඹ, කොටුව - මහනුවර /
මහනුවර - කොළඹ, කොටුව දුම්රිය ගමන් වාර දෙක ද පෙර කාලසටහන් අනුව ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් හෙට(01) සිට ක්‍රියාත්මක වන පරිදි තවත් දුර ගමන් සහ නගරාන්තර සිඝ්‍රගාමී දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර ඇත්තේ මගීන් ආසන වෙන් කිරීම අඩුවීම හේතුවෙනි.