ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ මහ වැසි: වැඩිම වර්ෂාපතනය හික්කඩුව, සිරිකදුරට..

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ මහ වැසි: වැඩිම වර්ෂාපතනය හික්කඩුව, සිරිකදුරට..

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ මහ වැසි: වැඩිම වර්ෂාපතනය හික්කඩුව, සිරිකදුරට..

කර්තෘ Staff writer

30 Apr, 2021 | 7:08 am

COLOMBO (News 1st) – බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් ඇදහැළුණි.

වැඩිම වර්ෂාපතනය වාර්තාවන්නේ හික්කඩුව, සිරිකදුර ප්‍රදේශයෙනි.

එය මිලිමිටර් 144කි.

බූස්ස ප්‍රදේශයට මිලිමීටර් 109ක්, කටුනායකට මිලිමීටර් 108ක් සහ කොළඹ ප්‍රදේශයට මිලිමීටර් 97ක වර්ෂාපතනයක් ඊයේ රාත්‍රි ඇදහැළී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]