ලිට්රෝ ආයතනයට දැනුම්දීමක්

ලිට්රෝ ආයතනයට දැනුම්දීමක්

by Sagarika Chathumali 29-04-2021 | 5:39 PM

COLOMBO (News 1st) – ලීටර් 18 හයිබ්‍රිඩ් ප්‍රිමියර් ගෑස් සිලින්ඩර නව නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන්නේ නම්, එය කළ හැක්කේ, කරුණු කිහිපයක් පිළිබඳව පාරිභෝගිකයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව බව සමූපකාර සේවා සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය දැනුම් දී සිට්න්නේ,නව නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කළ හැක්කේ, සිය නව නිෂ්පාදනයේ කාර්ක්ෂමතාව සිලින්ඩරයේ තිබෙන ගෑස් ප්‍රමාණය සහ මිල එම සිලින්ඩරය වෙළඳපොළ තිබෙන ගෑස් සිලින්ඩරවලට වඩා වෙනස්ව හඳුනා ගැනීමට හැකිවීම යන කරුණුවලට යටත්ව බවයි. මේ අතර හිඟයකින් තොරව කිලෝ 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම සහතික වී ඇතැයි ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. මේ අතර කිලෝග්‍රෑම් 12.5 සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළඳපොළේ මිලදී ගැනීමට නොමැති නම්, පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට අමතා වහාම දැනුම් දෙන ලෙස ද රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවට දැනුම් දී සිටී.