by Staff writer 29-04-2021 | 4:17 PM
COLOMBO (News 1st) – හෙරොයින් ග්‍රෑම් 4යි මිලි ග්‍රෑම් 580ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ ප්‍රධාන මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.
ඒ, නීතිපතිවරයා පැනවූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.
එලෙස දඬුවම් නියම වූයේ, මහරගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුටයි.
2017 වසරේ දෙසැම්බර් 21 වැනිදා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ මහරගම ප්‍රදේශයේ කළ වැටලීමකදී ය.