දෙවැනි ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද

by Staff writer 29-04-2021 | 9:04 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.

තරගාවලියේ පළමු තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 21ක් පවත්වා ඇති අතර ඉන් තරග 16ක් ශ්‍රී ලංකාව ජය ගත්තේ ය. බංග්ලාදේශ කණ්ඩායම එක් තරගයක් ජයගෙන ඇති අතර අනෙක් තරග 4 අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. තරගය උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිතය.