ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් Lockdown

තව ත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට Lockdown..

by Staff writer 29-04-2021 | 7:22 AM

COLOMBO (News 1st) - ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තව ත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා(Lockdown) කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම තීරණය ගත් බවය. ඒ අනුව ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සුමේධගම්පුර, මූදෝවි, කොවිල්අඩි හා ලිංගනගර් යන ග්‍රාම නිලධාරි වසම් මේ මෙහොතේ සිට හුදකලා කෙරෙනු ඇති. මීට අමතරව චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවච්චි කුඩා හා චීන වරාය ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.