උපතැපැල් කාර්යාල විවෘත කරන වේලාවේ වෙනසක්

උපතැපැල් කාර්යාල විවෘත කරන වේලාවේ වෙනසක් - තැපැල්පති

by Staff writer 29-04-2021 | 10:21 AM

COLOMBO (News 1st) - කොරෝනා ව්‍යාප්තිය හමුවේ උප තැපැල් කාර්යාල විවෘත කිරීමේ කාලය සීමා කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, ඒ අනුව උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා පමණක් බවයි. මීට පෙර උපතැපැල් කාර්යාල උදෑසන 8.00 සිට පස්වරු 5.00 දක්වා විවෘතව තිබුණි. සෙනසුරාදා දිනයේ උප තැපැල් කාර්යාල විවෘතව තැබෙන්නේ උදෑසන 9.00 සිට පස්වරු 1.00 දක්වා පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.