පළමු සඳ තරණයේදී යානයේ මෙහෙයුමේ කටයුතු කළ මයිකල් කොලින්ස් මිය යයි

පළමු සඳ තරණයේදී යානයේ මෙහෙයුමේ කටයුතු කළ මයිකල් කොලින්ස් මිය යයි

පළමු සඳ තරණයේදී යානයේ මෙහෙයුමේ කටයුතු කළ මයිකල් කොලින්ස් මිය යයි

කර්තෘ Staff writer

29 Apr, 2021 | 8:02 am

News 1st – සඳ ගමනට එක් වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 90 කි.

ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් පළමු සඳ තරණය කිරීමේ ගමනට එක්විය.

1930 වසරේ ඉතාලියේදී උපත ලද මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද මිලිටරි ඇකඩමියට ඇතුළත්ව ඉන් අනතුරුව ගුවන් හමුදාව හා සම්බන්ධ විය.

1963 වසරේදී නාසා ආයතනය හා සම්බන්ධ වූ මයිකල් කොලින්ස් එහිදී අශ්‍යවකාශ මෙහෙයුම් කිහිපයකට සම්බන්ධ විය.

ඔහු දෙවරක් අභ්‍යවකාශයේ පියාසර කර ඇති අතර ඉන් පළමුවැන්න වන්නේ ජෙමිනි 10 යි.

ඔහුගේ දෙවැනි අභ්‍යවකාශ පියාසැරිය වන ඇපලෝ 11 යානයේ මෙහෙයුම් කටයුතු සිදු කරමින් සිටි නිසා ඔහුට සඳ මත පා තැබීමට නොහැකි වූ බැවින් බොහෝ දෙනා ඔහුව හැඳින්වූයේ ‘අමතක වූ ගගනගාමියා’ ලෙසය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]