තව ත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට Lockdown..

තව ත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට Lockdown..

තව ත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට Lockdown..

කර්තෘ Staff writer

29 Apr, 2021 | 7:22 am

COLOMBO (News 1st) – ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තව ත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා(Lockdown) කර තිබේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හමුවේ මෙම තීරණය ගත් බවය.

ඒ අනුව ත්‍රිකුණාමලය උප්පුවේලි පොලිස් වසමේ සුමේධගම්පුර, මූදෝවි, කොවිල්අඩි හා ලිංගනගර් යන ග්‍රාම නිලධාරි වසම් මේ මෙහොතේ සිට හුදකලා කෙරෙනු ඇති.

මීට අමතරව චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කාවච්චි කුඩා හා චීන වරාය ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]