by Staff writer 28-04-2021 | 5:15 PM
COLOMBO (News 1st) - ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සිංහරාජ රක්ෂිතය ආශ්‍රිතව පිහිටි පරිවාර රක්ෂිත කලාප එළිපෙහෙළි කර නීති විරෝධී ආකාරයෙන් සිදු කරන වගා කටයුතු, ඉදිකිරීම්, නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් වහාම නීතිමය පියවර ගන්නා ලෙසට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.
විවිධ පාර්ශව විසින් සිදු කරනු ලබන එම නීතිවිරෝධී ක්‍රියා නිසා සිංහරාජය රක්ෂිතය හා ආශ්‍රිත පරිවාස රක්ෂිත කලාපවල ජෛව විවිධත්වයට පමණක් නොව අලි ඇතුන් ඇතුළු වනසතුන්ට ද විශාල හානියක් වී ඇති බව ද පෙත්සම්කරුවන් එමගින් අභියාචනාධිකරණයට පෙන්වා දී ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනජීවි විෂයභාර අමාත්‍යවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.