වැරදි ප්‍රචාරයන්ට රැවටෙන්න එපා!: රටම Lockdown කිරීමට මේ මොහොතේ කිසිදු අදහසක් නෑ - යුද හමුදාපති

by Staff writer 28-04-2021 | 10:06 PM

COLOMBO (News 1st) - සෞඛ්‍ය උපදෙස් පරිදි මේ වනවි⁣ට කොරෝනා වෛරසයේ පවතින ස්වභාවය අනුව ආසාදිතයින් වැඩිවීමක් ඇත්නම්, පෙර දැනුම් දීමකින් තොරව පොලිස් වසම් හෝ ග්‍රාම නිලධාරී වසම් හුදකලා(Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නමුත් රටම 'ලොක්ඩවුන්' කිරීමට මේ මොහොතේ කිසිදු අදහසක් නොමැති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. එබැවින් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ, මහජනතාවට වැරදි ප්‍රචාරයන්ට නොරැවටී කටයුතු කරන ලෙසය.