by Sagarika Chathumali 28-04-2021 | 2:42 PM
COLOMBO (News 1st) : එළඹෙන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධව ලබන ඉරිදා (2) ස්ථිර තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යක්ෂකවරුන් සියලු දෙනා සමග ම දිනපතා සම්බන්ධ වෙමින් තත්ත්වයන් විමසා බලා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව අදාළ තීරණ ගන්නා බවයි.
පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ලබන 30 වැනිදා දක්වා රට පුරා සියලු ම පාසල්, පෙර පාසල් ,පිරිවෙන් වසා දැමීමට රජය ඊයේ තීරණය කළේ ය.