මෙරට පැතිරෙන්නේ බ්‍රිතාන්‍යයේ COVID ප්‍රභේදය බව තහවුරු වෙයි

by Sagarika Chathumali 28-04-2021 | 10:37 AM

COLOMBO (News 1st) : මෙරට පැතිර යන Covid-19 වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ පැතර යන වෛරස ප්‍රභේදය බව තහවුරු වී ඇතැයි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

අද (28) උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ, දැනට ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන වෛරස ප්‍ර‌භේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු B 117 කොරෝනා වෛරස් ප්‍රභේදයට 100% සමාන බවයි. කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍ර දේශවලින් ලබා ගත් සාම්පල 43ක නියැදියක් මෙම අධ්‍යනය සඳහා යොදා ගෙන තිබේ.