by Sagarika Chathumali 28-04-2021 | 3:20 PM
COLOMBO (News 1st) : ඊයේ (27) සහ අද (28) කළුතර බන්ධනාගාරයේ B අංශයට පිටතින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සල දෙකක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
27 වනදා පස්වරු 2.30ට විසි කරන ලද පාර්සලයේ තිබී හෙරොයින් බවට සැක පැකට් 158 ක්,ගංජා 20g ,ජංගම දුරකතන 2 ක්,මත් කරල් 30ක් සොයා ගෙන තිබේ .
28 වනදා උදෑසන B අංශයේ B 4 වාට්ටුවේ වහලය මතට පිටතින් විසි කරන ලද පාර්සලය තිබී ජංගම දුරකතන 6 ක් ,දුම්කොළ 10 ක්,ජංගම දුරකතන චාජර් 2 ක් සොයා ගෙන ඇත.
එලෙස සොයාගත් මත්ද්‍රව්‍ය සහ අනෙකුත් තහනම් ද්‍රව්‍ය ඉදිරි කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානයට භාර දීමට නියමිත ය.