සුවඳ විලවුන් සහ ආලේපන තොගයක් රේගු භාරයට

නීති විරෝධීව මෙරටට ගෙන ආ සුවඳ විලවුන් සහ ආලේපන තොගයක් රේගු භාරයට

by Staff writer 28-04-2021 | 5:44 PM

COLOMBO (News 1st) - නීති විරෝධීව මෙරටට රැගෙන ආ සුවඳ විලවුන් සහ ආලේපන තොගයක් රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා සඳහන් කළේ, එම භාණ්ඩ ඇතුළත් බහාලුම් අද විවෘත කළ අවස්ථාවේදී මෙය සොයාගත් බවය. පුද්ගලික භාණ්ඩ ගෙන්වන මුවාවෙන් එම සුවඳ විලවුන් හා අලේපන තොගය මෙරටට රැගෙන විත් ඇති බව ඔහු සඳහන් කළේ ය. එම සුවඳ විලවුන් තොගයේ වටිනාකම මෙතෙක් ගණන් බලා නොමැති අතර පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.