කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න…

ගෙවුණු දිනයේ (27) කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ මෙන්න…

by Sagarika Chathumali 28-04-2021 | 8:33 AM

COLOMBO (News 1st) : ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එය සැලකෙන්නේ එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි. ඒ අතරින් විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත. දේශීයව හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 200 කි. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 ක් , කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 දෙනෙකු වාර්තා වී ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 86 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 74 දෙනෙකු ද වාර්තා වී ඇත. සෙසු ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ,දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලිනි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් වන අතර ඉන් 94856 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7976 කි. මේ අතර ගෙවුණු දිනයේ මෙරටින් කොරෝනා මරණ 8 ක් වාර්තාවී ඇති අතර එම මරණ වාර්තා වී ඇත්තේ, පොල්ගොල්ල, හෙට්ටිපොල, මතුගම, නුගේගොඩ, පන්නිපිටිය, අඹගහපැලැස්ස, වත්තල සහ ශ්‍රි ජයවර්ධනපුර යන ප්‍රදේශවලිනි. ඒ අනුව, අද (28) උදෑසන වනවිට ‍මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් – 19 මරණ සංඛ්‍යාව 655 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගෙවුණු දිනයේ කොරෝානා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ලැයිස්තුව පහතින්...

ඊයේ (27) වාර්තා වූ කොරෝනා මරණ පිළිබඳ විස්තරය පහතින්...