home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ලෝක කිරුළ කැප කළ ජූරි රූපලාවන්‍ය තරග වෙනුවෙන් කළ ඉල්ලීම
by Sagarika Chathumali
28-04-2021 | 11:45 AM
COLOMBO (News 1st) : මෙරට විලාසිතා හා නිරූපණ ක්ෂේත්රය නියාමනයට අදාළ නීති සම්පාදනය සහ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්ව ඇතැයි, හිටපු විවාහක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි පවසන්නී ය.
කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඇය ඉල්ලා සිටින්නේ, විලාසිතා සහ නිරූපණ තරග වේදිකා නිර්මාණය කළ යුත්තේ, සැමට සමාන සහ සාධාරණ ආකාරයෙන් බවයි. විලාසිතා සහ නිරූපණ ක්ෂේත්රය තරාතිරම්, බෙදීම් සහ භේදවලින් තොරව සියලුම කාන්තාවන් සඳහා සමාන සහ සාධාරණ වේදිකාවන් නිර්මාණය වී තිබෙන්නේ නම්, පසුගිය දා සිදු වූ ඛේදජනක සිදුවීම් කිසි දිනෙක සිදු නොවනු ඇතැයි ද ඇය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ. කිරුළු දහසක් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් කිරුළක් අයෝජනය කිරීමෙන්, විලාසිතා සහ නිරූපණ ක්ෂේත්රයේ ජාත්‍යන්තර වේදිකාවන් පවා නියමනයට ලක් කිරීමට පෙළඹවීමක් සිදු කළ හැකි නම්, එය රටක් ලෙස අප තබන ඉදිරි පියවරක් බව ද එහි සඳහන් ය. ජූරි වැඩිදුරටත් පවසන්නේ, එය එසේ වුවහොත් විලාසිතා සහ නිරූපණ ක්ෂේත්රය සහ තරග නියාමනයට ලක් කරන ලොව පළමු රට ලෙස අප ඉතිහාසගත වනු ඇති බවයි. ? වාණිජ්‍ය කර්මාන්තය ? ප්‍රමිතිගත විගණනය ? ජූරිය ? සහභාගීවන තරගකරුවන්ගේ ආරක්ෂාව ? නෛතික අවබෝධතා ගිවිසුම් යන අංග ඔස්සේ ඒ සඳහා වැදගත්වන කරුණු කිහිපයක් ද ඇය සිය ලිපිය මගින් අමාත්‍යංශ ලේකම්වරයාගේ අවධානයට ලක් කර තිබේ.
වෙනත් ලිපි
දිට්වා නිසා විනාශවූ පාලම් හදන්න චීනය සමග ගිවිසුමක්
2026-09-29 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න...
ක්‍රිෂ්,එයාර් බස් නඩුවලට නාමල් යළි රිමාන්ඩ්..
ආහාර නාස්තිය පිළිබඳව දැනුවත් කිරීමේ දිනය අදයි
මෙට්‍රෝ බස් තවත් මාර්ග 5ක ධාවනයට පියවර
අද සිට දැඩි වෙන බස් ප්‍රමුඛතා මංතීරු නීතිය..
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය