රටම සංවේදි කරමින් ගම්මැද්දෙන් ඇසක් ඉල්ලූ දරුවාට ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ දායකත්වයෙන් පෙනීම ලැබෙයි..

by Staff writer 28-04-2021 | 10:46 PM

COLOMBO (News 1st) - ගලෙන්බිඳුණුවැව, කලුගොල්ලෑගම දහතුන් හැවිරිදි දරුවෙකුට පෙනීම ලබා දීමට අග්‍රමාත්‍ය ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය මුල් වූවාය.

ජීවන්ත රත්නායක නම් වූ එම දරුවා 2015 වසරේදී ගම්මැද්ද ප්‍රාදේශීය මණ්ඩපයට පැමිණ තම ඉල්ලීම ලොවට ඉදිරිපත් කළේය. එහිදී සියල්ලෝම සංවේදි කරමින් ජීවන්ත ඉල්ලා සිටියේ තමන්ට ඇසක් ලබාදෙන ලෙසය. ගලෙන්බිඳුණුවැව, පලුගොල්ලෑගම ගම්මානයේ ජීවත්වන මේ දරුවා ඇසක් ඉල්ලා නගන හඬ නෙත ගැටී ඇත්තේ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත රාජපක්ෂ මහතාටයි. ඔහු තම මවට පෙන්වූ එම වීඩියෝ පටය, ඇයව සංවේදී කිරීමට සමත් වූ අතර දරුවාව මෙරට දක්ෂතම අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුවන වෙත යොමු කිරීමට ඇය පියවර ගත්තාය. ඒ අනුව, ඇසක් ඉල්ලා සිටි දෑස් නොපෙන ජීවන්තට ඇසක් බද්ධ නොකරම එක් ඇසකට පෙනීම ලබා දියහැකි බව වෛද්‍යවරයාගේ තීරණය විය. අග්‍රාමාත්‍ය බිරිඳ ඒ වෙනුවෙන් සියලු වියදම් දැරූ අතර ජීවන්ත අද(28) අරලිගහ මන්දිරයට පැමිණියේ 30%කට වඩා එක් ඇසක පෙනීම ලැබීමෙන් අනතුරුවයි.