ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1111ක්

මෙරට දිනක් තුළ හඳුනා ගත් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ වාර්තා වෙයි: ආසාදිතයින් 1111ක්..

by Staff writer 28-04-2021 | 8:13 AM

COLOMBO (News 1st) : මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එම සංඛ්‍යව දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ. ඊයේ(27) වාර්තා වූ ආසාදිතයින් අතර විදේශවලින් පැමිණි පුද්ගලයින් 15 දෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7984 කි. මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 94,856කි. ඒ, කොරෝනා ආසාදිතයින් 279ක් ඊයේ සුවය ලැබීමත් සමගිනි. මෙරට කොරොනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 655 ක් දක්වා ඉහළ ගියේය. ඒ, ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගිනි. මේ අතර කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව එම ප්‍රදේශවලින් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසයි.