by Staff writer 27-04-2021 | 3:28 PM
COLOMBO (News 1st) - වල්ගම, ඇටබේවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාදනාගාරයක් වටලා, එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, රන් ආලේපිත මාල 13 ක්, අත් පළදනා 04 ක්, මුදු 21ක්, පෙන්ඩන් සහ කරාබු ජෝඩුවක් සිය භාරයට ගත් බවය.
මීට අමතරව ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාදනය ගන්නා උපකරණ කිහිපයක් ද, පොලීසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 48 සහ 53 වැනි වියේ පසුවන, මල්වාන හා අනුරාධපුර ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර, බියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.