රිෂාඩ්,රියාජ් දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට පියවර

රිෂාඩ් සහ සහෝදරයා දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

by Staff writer 27-04-2021 | 7:13 AM

COLOMBO (News 1st) - අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරා වන රියාජ් බදියුදීන් අද(27) සිට දින 90ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල දීමේ චෝදනා මත පසුගිය දිනක රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තේය.