COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 422ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද(27) දින මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 1096ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එය එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ.
