බැසිල්ගේ ජන්ම දිනය වෙනුවෙන් ආගමික වතාවත්

බැසිල් රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසහන් රැසක්

by Staff writer 27-04-2021 | 9:58 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අදට යෙදි තිබේ.

මේ වෙනුවෙන් විශේෂ ආගමික වතාවත් අද කඩුවෙලදී සිදු කෙරුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සංවිධානයේ මූලිකත්වයෙනි. මේ අතර බැසිල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් අද ප්‍රදේශ ගණනාවක ලේ දන් දීමේ වැඩසහන් ක්‍රියාත්මක විය. මෙහිදී ලේ දන් දුන් අය සඳහා පැළ බෙදාදීමක් ද සිදු කළේය. බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමනි, ඔබට සුබ උපන් දිනයක්!