by Staff writer 27-04-2021 | 11:28 PM
COLOMBO (News 1st) - මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් ,වෙයි ෆෙන්ග්හි මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය.
ඒ චීන හමුදාවට අයත් විශේෂ යානයකිනි.
මෙරටට පැමිණී චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල්, වෙයි ෆෙන්ග්හි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.
චීන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ධූත පිරිස අනිද්දා දක්වා මෙරට රැඳි සිටිනු ඇති.
චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඇතුළු මෙරට ඉහළ පෙළේ නිලධාරින් සමග ද්වීපාර්ශවීය සාකච්ඡා ඇතුළු වැඩසටහන් කිහිපයකට සහභාගි වීමට නියමිතය.
ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ධූරයට පත් වූයේ 2018 වසරේ මාර්තු 19 වැනිදාය.
ඔහු 1972 වසරේ ජනවාරි මාසයේදී චීන මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.