by Staff writer 27-04-2021 | 6:28 PM
COLOMBO (News 1st) - මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා නිල සංචාරයක් සඳහා අද (27) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතය.
ඒ, මහතා චීන ජාතික ආරක්ෂක අමාත්‍ය ධුරයට පත් වූයේ 2018 වසරේ මාර්තු 19 වැනිදායි.
ඔහු 1972 වසරේ ජනවාරි මාසයේදී චීන මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.
චීන මධ්‍ය හමුදා කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා මේ වනවිට කටයුතු කරමින් ඇතැයි සඳහන් ය.
මහජන චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වෙයි ෆෙන්ග්හි මහතා ලබන 29 වැනි දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.