කොරෝනා එන්නත් 02 වැනි මාත්‍රාව හෙට සිට

කොරෝනා එන්නත් 02 වැනි මාත්‍රාව ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට ලබා දීම හෙට සිට

by Staff writer 27-04-2021 | 11:03 AM

COLOMBO (News 1st) - ඔක්ස්ෆර්ස් - ඇස්ට්‍රාසෙනෙකා හෙවත් කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම, හෙට(28) සිට ආරම්භ කරන බව, ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, සෞඛ්‍ය සේවකයින්ට පළමුව එන්නත ලබා දෙන බවය. ඔක්ස්ෆර්ස් - ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයින් නව ලක්ෂ විසි පන්දහස් දෙසිය හතළිස් දෙදෙනෙකුට ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. මේ අතර , රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් ෆයිව් එන්නත ලබන සතියේ දිවයිනට ලැබීමට නියමිතව ඇතැයි ද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.