Oscar උළෙලේදී Nomadland චිත්‍රපටයට සම්මාන 3ක්

Oscar සම්මාන උළෙලේදී Nomadland චිත්‍රපටය සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි..

by Staff writer 26-04-2021 | 11:36 AM

COLOMBO (News 1st) –  මෙවර Oscar සම්මාන උළෙල ඊයේ (25) රාත්‍රියේදී පැවැත්විය.

එහි පළමු සම්මානය හිමිවූයේ හොඳම තිර රචනය සඳහා ය. ෆ්ලොරියන් සෙලර්ගේ The Father චිත්‍රපටය මෙවර එම සම්මානය දිනාගත්තා. සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය Chloé Zhao දිනාගත්තා ය. ඒ , Nomadland චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ය. ඒ අනුව මෙම සම්මානය දිනාගත් දෙවන කාන්තාව බවට Zhao පත්විය . හොඳම සහය නළුවාට හිමි සම්මානය Daniel Kaluuya හිමි කර ගත්තේ ය. ඒ, Judas and the Black Messiah චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ය. Chloé Zhao අධ්‍යක්ෂණය කළ Nomadland චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළලේදී සම්මාන ත්‍රිත්වයක් දිනාගත්තේ ය . ඒ , හොඳම චිත්‍රපටය , හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම රංගන ශිල්පිනිය වෙනුවෙන් ය. Yuh-jung Youn හොඳම සහය නිළියට හිමි සම්මානය දිනා ගත්තා ය. ඒ , Minari චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ය. මෙවර සම්මාන උළෙල පැවැත්වූයේ 93 වැනි වරටයි .