by Staff writer 26-04-2021 | 5:50 PM
COLOMBO (News 1st) - තවත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැඳවියන් 30 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට යොමු කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, නව සිරමැදිරි තුළ මෙම රැඳවියන් රඳවා ඇති බවය.
ඒ අනුව, මින් ඉදිරියට බූස්ස බන්ධනාගාරය අධි අවදානම් බන්ධනාගාරයක් ලෙස පවත්වා ගෙන යන බව චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේය.