ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද රෑ සිට Lockdown

දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද රාත්‍රියේ සිට හුදකලා කෙරේ..

by Staff writer 26-04-2021 | 2:53 PM
COLOMBO (News 1st): අද(26) රාත්‍රී 8.00 සිට තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා (Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ පවසයි. ඔහු සදහන් කළේ, ඒ අනුව * ගම්පහ දිස්ත්‍රික්කය - කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලු ගෙදර සහ කලුඅග්ගල ග්‍රාම නිලධාරී බල ප්‍රදේශ, මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ, අස්වෙන්නවත්ත නැගෙනහිර. * කළුතර දිස්ත්‍රික්කය - මීගහතැන්න පොලිස් වසමේ, මිරිස්වත්ත, පැලවත්ත නැගෙනහිර, පැලවත්ත උතුර යන ග්‍රාමසේවා වසම්, * ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - ත්‍රිකුණාමල පොලිස් බල ප්‍රදේශයේ බූම්බුහාර් ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ද හුදකලා කෙරෙනු ඇති.