ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 2ක් Lockdown

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 2ක් Lockdown

by Staff writer 26-04-2021 | 7:40 PM

COLOMBO (News 1st) - ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ යන ග්‍රාම නිලධාරී වසම් දෙක හුදකලා (Lockdown) කරන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම පොලිස් බල ප්‍රදේශ අද(26) රාත්‍රී 8.00 සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.