ආනයනික අර්තාපල් බද්ද ඉහළට..

ආනයනික අර්තාපල් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට..

by Staff writer 26-04-2021 | 10:36 PM

COLOMBO (News 1st) - ආනයනික ආර්තාපල් සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද(26) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අර්තාපල් අස්වනු නෙලීම ආරම්භ වී ඇති හෙයින් මෙම තීරණයට එළැඹි බවය. ඉන් මෙවර විශාල අර්තාපල් අස්වැන්නක් අපේක්ෂා කරන බව ද නිවේදනයේ සඳහන් කර තිබේ. ඒ අනුව අර්තාපල සඳහා අය කරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 50 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.