by Staff writer 25-04-2021 | 9:15 PM
COLOMBO (News 1st) - මුලතිව්, වට්ටුවාගල් ප්‍රදේශයේ අද(25) පස්වරුවේ සිදුවූ පිපිරීමකින් 19 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු තුවාල ලැබිණි.
පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා කැළෑබද ඉඩමකට ගිය අවස්ථාවේ මෙම පිපිරීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පිපිරීමෙන් 19 හැවිරිදි තරුණයෙකු මියගිය අතර, 20 හැවිරිදි තවත් තරුණයෙකු තුවාල ලැබිණි.
මේ වනවිට තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.