බොලිවුඩ් සිනමා තරු 22 දෙනෙකුට කොරෝනා

බොලිවුඩ් සිනමා තරු 22 දෙනෙකුට කොරෝනා

by Staff writer 25-04-2021 | 11:18 AM

COLOMBO (News 1st) – බොලිවුඩයේ ජනප්‍රිය සිනමා ශිල්පීන් 22 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ති‌බේ.

එම ලැයිස්තුවට අලුතින්ම එක්වූයේ ප්‍රවීණ රංගන ශිල්පිනී රවීනා තණ්ඩන් ය. අමීර් ඛාන්, අර්ජුන් රම්පාල්, රන්බීන් කපූර්, ආලියා භාත්, කත්‍රිනා කයිෆ්, අක්ෂේ කුමාර්, මනෝජ් බජ්පායි සහ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සංජේ ලීලා බන්සාලි ද, මේ වනවිට කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටී. මේ අතර කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ඔක්සිජන් සහ ඖෂධ ලබා ගැනීම සඳහා ජනප්‍රිය රංගන ශිල්පී අක්ෂේ කුමාර් රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කර තිබේ. මේ සමගම ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාමත් සමග නවතම බොලිවුඩ් සිනමා පට රැසක් තිරගත කිරීම, දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්තා වේ. ජයලලිතා ජයරාම්ගේ චරිතාපදානය ඇතුළත් තලයිවී, සූර්යවංශී, හාතී මෙරා සාතී, චෙහෙර්, බන්ටී ඕර් බබ්ලී, ඉන් කිහිපයකි . කොරෝනා වසංගතයත් සමග මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත 11 ක සිනමා ශාලා වසා දමා තිබේ.