by Staff writer 25-04-2021 | 9:20 PM
COLOMBO (News 1st) - අඛණ්ඩව සිව්වැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24 ක් තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවයි.
ඒ අනුව, ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 349,691කි.
ගත වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 2,767ක් ද වාර්තා විය.
පවතින තත්ත්වය හමුවේ මහරාෂ්ඨ සහ දිල්ලි ප්‍රාන්ත දැඩි අවදානමකට ලක්ව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දිල්ලි ප්‍රාන්තය වසා දැමීමේ කාලය තවත් සතියකින් දීර්ඝ කළ බවය.
නවදිල්ලි අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල පිහිටි රෝහල් රැසක ඔක්සිජන් තොග, මේ වන විටත් අවසන් වී ඇති අතර
ඔක්සිජන් හිඟයෙන් මියයන පිරිස තවදුරටත් ඉහළ යමින් පවතී.
මේ අතර, ඔක්සිජන් සැපයුමට බාධා කරන ඕනෑම පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවට දිල්ලි මහාධිකරණය අනතුරු ඇඟවීමේ නියෝගයක් නිකුත් කළේය.
ඒ, ඔක්සිජන් හිඟයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් කිහිපයක් සලකා බලමිනි.
මධ්‍යම රජයෙන් සියලු ප්‍රතිකාර සේවා අපේක්ෂා නොකර අවශ්‍යතා සපුරා ගැනීමේ වගකීම ප්‍රාන්ත ආණ්ඩුවලට පවතින බව ද විනිසුරුවරුන් එහිදී පැවසුවේය.
ඒ අනුව, දිල්ලි ප්‍රාන්තයේ රෝහල් සඳහා ඔක්සිජන් සැපයීමේ දෛනික ධාරිතාව ප්‍රකාශයට පත් කරන්නැයි මහාධිකරණය, සියලු නිෂ්පාදන සමාගම්වලට නියෝග කළේය.