එන්නත තමයි කොරෝනා උවදුරට විසඳුම: ජනතාවගේ වගකීම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි.. – ජනපති අවධාරණය කරයි

එන්නත තමයි කොරෝනා උවදුරට විසඳුම: ජනතාවගේ වගකීම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි.. – ජනපති අවධාරණය කරයි

එන්නත තමයි කොරෝනා උවදුරට විසඳුම: ජනතාවගේ වගකීම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමයි.. – ජනපති අවධාරණය කරයි

කර්තෘ Staff writer

25 Apr, 2021 | 12:39 pm

COLOMBO (News 1st) –  කොරෝනා උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය බවත්, ඒ සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව පවතින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, කොරෝනා වසංගතය සාර්ථකව ජය ගැනීමට නම් ,
සෞඛ්‍ය නිලධාරීන් නිර්දේශ කර ඇති උපදෙස් අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළ බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මේ අතර කොරෝනා උවදුරට විසඳුමක් ලෙස, යම් කලකට රට වසා දැමිය යුතු යැයි ඇතැමුන් කල්පනා කළත්, දිගු කාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට හානිකර බලපෑම් ඇති කරන අතර ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින්ම අඩපණ කරන අඟුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකි බව ද මෙහි සඳහන් වේ.

එබැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මාධ්‍ය නිවේදනය 

 

 

 

 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]