ඉදිරි දෙසතියේ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නවතී..

ඉදිරි දෙසතියේ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නවතී..

ඉදිරි දෙසතියේ සියලු රාජ්‍ය සහ පෞද්ගලික උත්සව නවතී..

කර්තෘ Chathuranga Rajapaksha

25 Apr, 2021 | 4:15 pm

COLOMBO (News 1st): අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක නිකුත් කරමින් පවසයි.

එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]