රිෂාඩ් සහ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රිෂාඩ් සහ සහෝදරයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර - ඇමති සරත් වීරසේකර

by Staff writer 24-04-2021 | 5:46 PM

COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් යන මහත්වරුන් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය, ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

ඔවුන් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාස නිලධාරීන් විසින්ය. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූයේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී ය.