COLOMBO (News 1st) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද පස්වරුවේ ලක්ෂයේ සීමාව ඉක්මවා තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, අද තවත් කොරෝනා ආසාදිතයින් 826ක් හඳුනා ගත් බවයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි.

මේ අතර කළුතර දකුණ පොලිස් වසමේ, අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසම අද පස්වරු 6.00 සිට හුදෙකලා කෙරිණි.
?
අලුතින් හුදෙකලා කළ ප්‍රදේශ මොනවාද?
කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ, අධිකාරීගොඩ ග්‍රාම නිලධාරී වසම අද (24) පස්වරුවේ සිට මෙලෙස හුදෙකලා කෙරුණු බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ය.
ඊයේ දිනයේ කළුතර දකුණ පොලිස් වසමෙන් වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 කි.
? මීට පෙර හුදෙකලා කෙරුණු ප්‍රදේශ ආශ්රිත තත්ත්වය..
මීන් පෙර හුදෙකලා කෙරුණු කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේ තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසම, කුලියාපිටිය පොලිස් වසම,නීරාවිය හා නිකදළුපොත ග්‍රාම නිලධාරී වසම් තවදුරටත් පවතින්නේ හුදෙකලාවයි.
අද සිට ගනේවත්ත දුම්රිය ස්ථානයේ දුම්රිය නතර නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණයත් සමග කිසිදු දුම්රියක් එම දුම්රිය ස්ථානයේ නතර කෙරුණේ නැහැ.
ඒ, ගනේවත්ත දුම්රිය ස්ථානය අවට ගම්මාන 5 ක් කොරෝනා ව්‍යාප්තියක් සමග හුදෙකලා කිරීම හේතුවෙනි.
මේ අතර හුදෙකලා කෙරුණු කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගල්ගම්මුල්ල ප්‍රදේශයේ ඇතැම් වෙළඳසැල් විවෘතකොට තිබෙනු දක්නට ලැබුණි.