by Chathuranga Rajapaksha 24-04-2021 | 10:39 PM
COLOMBO (News 1st) – මාතර ශාන්ත සර්වේෂස් සහ ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 121 වැනි රුහුණු මහා නිල් සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද(24) ජය පරාජයෙන් තොරව අවසන් විය.
හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සර්වේෂස් ක්‍රීඩකයින් සියලු දෙනා දැවී ලකුණු 253 ක් රැස් කළේය.
ඊට පිළිතුරු ලෙස ශන්ත තෝමස් ක්‍රීඩකයින් පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 312 ක් රැස් කර ගෙන සිටියදී ඉනිම අත්හිටුවිය.
තුන්වැනි දිනය නිමා වනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි සර්වේෂස් ක්‍රීඩකයින් කඩුලු 2 ක් දැවී ලකුණු 170 ක් රැස් කර ගෙන සිටියේය.