බස්නාහිර කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළට

බස්නාහිර පළාතේ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළට.. - මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්

by Staff writer 24-04-2021 | 1:38 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාතේ කොරෝනා අවදානම සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, නොයෙකුත් ප්‍රදේශවල හඳුනා නොගත් රෝගීන් එළිමහනේ සැරිසරමින් සිටින බවය. මේ අතර කොරෝනා අසාදිතයින් වාර්තාවීම ඉහළ යාම හමුවේ ලබන මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බව රාජ්‍ය අමාත්‍ය, ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය. එම මාර්ගෝපදේශ මාලාව මෙසේය.