දිමුත්ගෙන් ද්විත්ව ශතකයක්

දිමුත් කරුණාරත්නගෙන් ද්විත්ව ශතකයක්

by Chathuranga Rajapaksha 24-04-2021 | 4:28 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සිය පළමු ටෙස්ට් ද්විත්ව ශතකය ලබා ගැනීමට අද සමත් විය.

ඒ, බංග්ලාදේශය සමග දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය. මහනුවර, පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ සිව්වැනි දිනය අදයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට සිය පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 476ක් ලබා සිටී. බංග්ලාදේශය සිය පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා ගත්තේය.