දිමුත් සහ ධනංජය ශ්‍රී ලංකාව ඔසවා තබයි..

දිමුත්ගෙන් 200ක්, ධනංජයගෙන් 100ක්: අද දිනයේ කඩුලු ලබා නොදුන් ශ්‍රී ලංකාව 500 පසු කරයි

by Staff writer 24-04-2021 | 8:44 PM

COLOMBO (News 1st) – බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමු ද්විත්ව ශතකය වාර්තා කළේ ය.

සිව් වැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 512කි. තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. අද තරගය ආරම්භ කරන විට, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 229 ක් රැස් කර ගෙන සිටියේ ය. නොදැවී කඩුල්ලේ රැදී සිටින්නේ, නායක දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වායි. ධනංජය 7 වැනි ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 154 යි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 234 ක් රැස් කරගෙන සිටී. ඔවුන් අතර සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සබඳතාව ලකුණු 322 කි. අද ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු කඩුල්ලක් දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට නොහැකි විම විශේෂත්වයකි. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7 ක් දැවී ලකුණු 541 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවිය.