by Staff writer 24-04-2021 | 6:03 AM
COLOMBO (News 1st): හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවය.
පාස්කු ප්‍රහාරයේ ස්වං ඝාතකයින්ට ආධාර අනුබල දීම හා ඔවුන් සමග සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව එක් රැස් කර ගෙන ඇති සෘජු සහ විද්‍යාත්මක සාක්ෂි මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.
?රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගත් අවස්ථාවේයැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන දර්ශන පෙළක්..
https://youtu.be/DyWECDRBPX0