රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැහැ- යුද හමුදා

BREAKING : ''රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැහැ'' - යුද හමුදාපති

by Sagarika Chathumali 23-04-2021 | 3:18 PM

COLOMBO (News 1st) : දැනට සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් - 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ ය. තවද සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බව ත් ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකිමෙන් කටයුතු කරන ලෙසත් යුද හමුදාපතිවරයා ජනතාවට උපදෙස් දී සිටී. කෙසේ වෙතත් යම් ප්‍රදේශයකින් සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවනු ඇතැයි, ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ විය.   https://www.youtube.com/watch?v=KgsVBflzDjk